අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට ජාත්‍යන්තර වරායට තවත් ආයෝජනයක්

    දෙසැම්බර් 03, 2018

    හම්බන්තොට වරායේ මෙහෙයුම් වැඩිදියුණු කිරීම උදෙසා හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් සමාගම මඟින් තවත් ආයෝජනයක් සිදු කරන ලදි. ඇමෙරිකානු ඩොලර් 600,000ක් ඉක්මවූ නව ආයෝජනය තුළින්, කාර්යක්ෂම පහසුව සඳහා ගූස්නෙක්ස් සහිත අඩි 40 රෝරෝ යන්ත්‍ර (40 - foot Ro-Ro trailers with goosenecks), ඉවත් කළ හැකි ගූස්නෙක්ස් (goosenecks), සේෆ් නෙක් පද්ධතියක් සහිත ටර්බර්ග් ට්‍රැක්ටර් රථයක් (Terberg Tractor with a SafeNeck) හා බ්‍රේක් බල්ක් බඩු එසවීමේ ආම්පන්න (Break-bulk lifting gear) යන උපකරණ මිළදි ගන්නා ලදි. මෙම නව උපකරණ නිල වශයෙන් මෙහෙයුම් සඳහා යොදා ගනු ලැබුවේ, ඔක්තොම්බර් 02 වැනි දින Glovis Century නෞකාව සඳහාය.

    නව උපකරණ වලට අමතරව, මෙම මස මුලදී, හම්බන්තොට ජාත්‍යන්තර වරාය මඟින්, ලෝ බෙඩ් ට්‍රේලර් යන්ත්‍ර හතරක්ද (low-bed
    trailer) සාර්ථකව මෙහෙයුම් සඳහා යොදවා ඇත.

    මෙම නව යන්ත්‍රෝපකරණ බඩු භාණ්ඩ හැසිරවීමේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කර වරායේ භාණ්ඩ හැසිරවීමේ හැකියාවන් සඳහා නව මුහුණුවරක් ලබා දෙනු ඇත. HIPG සමාගම, මෙම නව ආයෝජනය මඟින්, පර්යන්ත මෙහෙයුම්, ඵලදායිතාවය, සේවා තත්වය යන අංශයන්හී සංවර්ධනය දැකීමට අපේක්ෂා කරන අතර, මෙය ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුකූල, බහු කාර්ය වරායක් බවට පත් කිරීමට සමාගම කර ඇති කැපවීම තව දුරටත් තහවුරු කිරිමකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya