අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරි ගොවි ගැටලු විසඳීමේ ජනපති ප්‍රකාශය විශ්වාස ඇතිකරගත හැකියි - මධ්‍යම පළාත් සභා සභාපති

    නොවැම්බර් 09, 2017
    ලංකාවේ ක්‍රියාත්මක වන පිටි කිරි ඒකාධිකාරය පිළිබඳ ජනාධිපතිතුමන් කළ ප්‍රකාශය අනුව ඉදිරියේදී දේශීය කිරි ගොවියාගේ ආරක්ෂාව සැලසෙන ආකාරය ඉවසිලිවන්තව බලා සිටිය යුතු බවත් කිරිපිටි සම්බන්ධයෙන් ලංකාවේ පවතින ඒකාධිකාරය බිද දැමීම පිළිබඳ ජනාධිපතිතුමන් සමස්ත ජාතිය  හමුවේම ලබා දුන් ප්‍රතිඥාව හොර රහසේ කළ ප්‍රකාශයක් නොවන බැවින් එම ප්‍රකාශය කෙරෙහි විශ්වාසයක් ඇති කර ගත හැකි බවද මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී. නිමලසිරි මහතා පවසයි. 
     
    මධ්‍යම පළාත් සභාවේ සභාපතිවරයා මෙම අදහස් පළ කළේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නිමල් ප්‍රේමවංශ මහතා විසින් මධ්‍යම පළාතේ කිරි ගොවීන් මුහණ දෙන ප්‍රශ්න පිළිබඳ සභාවේ අවධානය යොමු කරමින් ප්‍රශ්නයක් යොමු කළ අවස්ථාවේදීය. 
     
    එහිදී කරුණු දැක්වූ ප්‍රේමවංශ මන්ත්‍රීවරයා පැවසුවේ මධ්‍යම පළාතේ කිරි ගොවීන්ගෙන් ලබා ගත් කිරි සඳහා ඒවා මිළදී ගත් සමාගම් ගෙවීම් කර නොමැති බවත්, එය කිරි ගොවි පවුල්වල ආර්ථිකයට දැඩි ලෙස බලපා ඇති බවත්ය. ලංකාවට අවශ්‍ය ජාතික කිරි නිෂ්පාදනයෙන් 39% ක් පමණම සපයන්නේ මධ්‍යම පළාතෙන් බව පැවසූ ප්‍රේමවංශ මන්ත්‍රීවරයා දළ වශයෙන් මධ්‍යම පළාතේ කිරි ගොවීන් 25,000 ක් පමණ සිටින බවද පෙන්වා දෙන ලදී. 
     
    සාමාන්‍ය පිළිගත් ක්‍රමය අනුව කිරි ගොවීන්ගෙන් මිළදී ගන්නා කිරි සඳහා අදාල සමාගම් දින 15 කට වරක් මුදල් ලබා දිය යුතු බවත්, එසේ තිබියදී එම සමාගම් ගිවිසුම් උල්ලංඝණය කරමින් කටයුතු කරන බවදප්‍රේමවංශ මහතා පෙන්වා දෙන ලදී. එබැවින් මධ්‍යම පළාත් සභාව තම පළාතේ කිරි ගොවීන් වෙනුවෙන් වැඩි මැදිහත්වීමක් සිදු කොට ඔවුන් රැක ගැනීම වැදගත් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා එසේ නොවන්නේ නම් කිරි ගොවීන් සමග වෙනත් ක්‍රියාමාර්ග කරා තමන්ද අවතීරණ වන බව පෙන්වා දෙන ලදී.
     
    ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත්  මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී. නිමලසිරි මහතා පැවසුවේ කිරි ගොවීන් මුහුණ දී සිටින ගැටලු විසදීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට කටයුතු කළ හැකි බවත්, පළාත් කෘෂිකර්ම අමාත්‍යතුමා සමග සාකච්ඡා කොට අදාල කමිටුව පත් කිරීමට කටයුතු කරන බවයි. මෙහිදී කරුණු දැක්වූ මධ්‍යම පළාත් සභාවේ සභානායක එම් මදියුගරාජා මහතා පැවසුවේ අවශ්‍ය නම් පළාත් සභාවේ කෘෂිකර්ම උපදේශක කාරක සභාව වෙතද මෙම ගැටලුව යොමු කර වහා විසදුම් ලබා දීමට කටයුතු කළ හැකි බවයි.
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya