මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයේදී (PASSEX) නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා අතර පණිවුඩ හුවමාරුව වැනි නාවික අභ්‍යාසයන් සාර්ථකව සිදු කරන ලද අතර, නෞකා අතර ආචාර සමාචාර සිදු කිරීමෙන් අනතුරුව එම අභ්‍යාසය නිමාවට පත්විය.
‘PPA MONTECUCCOLI’ නෞකාව දිවයිනේ රැඳීසිටි කාලසීමාවේදී එහි අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් 2024 ඔක්තෝබර් මස 10 වන දින බටහිර නාවික විධාන මුලස්ථානයේ දී සිදුකෙරුණු අතර, එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන් සඳහා මෙන්ම දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද කටයුතු කෙරුණි. එමෙන්ම, නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් හට අවස්ථාව උදා වූ අතර, එහිදී දෙපාර්ශවය අතර, නව දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමද සිදු කෙරිණි.
තවද, විදේශීය නාවික හමුදාවන්ට අයත් නෞකා විසින් සිදුකරනු ලබන මෙවැනි සුහද සංචාර මඟින්, දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය හා සහයෝගීත්වය වැඩිදියුණු වන අතර, එම නෞකා සංචාරයන්ට සමගාමීව සිදු කරනු ලබන ඒකාබද්ධ නාවික අභ්‍යාස තුළින් හුවමාරු කරගනු ලබන නව දැනුම සහ අත්දැකීම්, ඉදිරියේදී සාගර කළාපයේ පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීම සඳහා මහඟු පිටුවහලක් ගෙනදෙනු ඇත.