නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර විගමනික ශ්‍රමිකයන්ට සුබසාධන සේවා රැසක්

    ජූලි 19, 2024

    නිවැරදිව විදේශ රැකියාවක නිරත වීමට බලාපොරොත්තු වන පුද්ගලයින් අදත් (19)  මතුගම මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 'ජයගමු ශ්‍රී ලංකා කළුතරට' දිස්ත්‍රික් වැඩසටහනට සම්බන්ධ වන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාව වෙත නිවේදනය කරයි.

    කළුතර දිස්ත්‍රික්කයේ විගමනික ශ්‍රමිකයන් හට සුබසාධන සේවා රාශියක් සමගින් ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවය (Glocal Fair) කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) මතුගම මහජන ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

    මෙහි දී විදේශ රැකියාවල නිරතව සිට මෙරටට පැමිණි ශ්‍රමිකයින් සහ විදේශ රැකියාවල නියැලෙන ශ්‍රමිකයින්ගේ පවුල් සඳහා ප්‍රතිලාභ ලබා දෙන 'විගමනික ශ්‍රමික හරසර වැඩසටහන' පැවැත්විණි.

    එහි දී සාර්ථකත්වයට පත් වූ විගමනික ශ්‍රමික පවුල් 16කට ආධාර ලබා දීම, ස්වයං රැකියා දියුණුව සඳහා පවුල් 23කට ආධාර ලබා දීම, ප්‍රථම වරට ගෘහ සේවය සඳහා විදේශගත වන කාන්තාවන්ගේ පවුල් 13කට වවුචර්පත් ලබා දීම, විගමනික ප්‍රජාවගේ දරුවන් 159ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, සේවය අවසන් කර පැමිණි විගමනික ප්‍රජාවගේ දරුවන් 48ක් හා දැනට සේවයේ නියුතු විගමනික ශ්‍රමිකයින්ගේ දරුවන් 702ක් වෙනුවෙන් පාසල් උපකරණ සහිත බෑග් ප්‍රදානය කිරීම, කළුතර දිස්ත්‍රික් ලේකම්වරයාගේ අනුමැතිය මත ප්‍රාදේශීය ලේකම්රුන්ගේ නිර්දේශයෙන් පාසල් 14ක් සඳහා Smart Board ප්‍රදානය කිරීම සිදු විය.

    විගමනික සංගම් සාකච්ඡාව, ගරුසරු, Smart Youth Club, ශ්‍රම වාසනා ප්‍රධාන වැඩසටහන්වලට අමතරව මිනිස් වෙළඳාම සහ කම්කරු නීතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අද දිනයේ දී ද මතුගම මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 'ජයගමු ශ්‍රී ලංකා කළුතරට' දිස්ත්‍රික් වැඩසටහනේ දී සිදු කෙරෙනු ඇත.

    විදේශ රැකියා අවස්ථාවන් රැසක් සමඟින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන රාශියක් ද ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවය සමග එක් වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya