නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “උරුමය” ඔප්පු පිළිබඳ ගැටලුවක් ඇත්නම් දැනුම් දෙන්න

    ජූලි 19, 2024

    උරුමය වැඩසටහන මඟින් ලබා දෙන සින්නක්කර ඔප්පු සම්බන්ධව යම් කිසි ගැටලුවක් හෝ ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් පහත දුරකතන අංක භාවිත කළ හැකි බව  ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගිය දා  (17) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    ඒ අනුව, සිය ගැටලු සම්බන්ධව 0112 883812, 0112 883635, 0112 797400, 0112 865824 දුරකතන අංක ඇමතීම හෝ 0112 864051 ෆැක්ස් අංකය වෙත යොමු කළ හැක.

    කොන්දේසි සහිතව රජයෙන් බලපත්‍ර සහ දීමනා පත්‍ර ලබා දී තිබෙන පවුල් ලක්ෂ 20කට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 අයවැය සඳහා අංක 08 යටතේ ඉදිරිපත් කළ යෝජනාවට අදාළව ක්‍රියාත්මක වන උරුමය වැඩසටහනට  අනුව සින්නක්කර බලයක් සහිත නිරවුල් ඔප්පුවක් හිමි වනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya