ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ (17) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී ජාතික මවුකිරි දීමේ සතියට සමගාමීව මවුකිරි දීමේ වැදගත්කම අවධාරණය කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
දරුවෙකුගේ උපතේ සිට පළමු පැයේදී මවුකිරි දීම ඇරඹීමත්, පළමු මාස 06 මවුකිරි පමණක් ලබාදීමත් දරුවාට අවුරුදු 02ක් හෝ ඊට වැඩි කාලයක් අමතර ආහාරත් සමග මවුකිරි ලබාදීමත් මගින් දරුවාගේ බුද්ධි වර්ධනයට ප්‍රභල බලපෑමක් සිදුවන බවද සඳහන් කළාය.
එලෙස දරුවන්ගේ බුද්ධි වර්ධනයෙන් ඔවුන් හොඳ අධ්‍යාපනයක් ලබාගෙන ඵලදායී පුරවැසියන් බවට පත්වන බවද එවැනි ඵලදායී පුද්ගලයින් රටකට සිටීම විශාල ආර්ථිකමය වාසියක් බවද වෛද්‍යවරිය අවධාරණය කළාය.
නිවැරදිව මවුකිරි දීම මගින් වසරකට මාතෘ මරණ ලක්ෂයකට වඩා අඩු කරගත හැකි යැයිද මෙමගින් කාන්තාවන්ට බහුලව සෑදෙන පියයුරු පිළිකා, ඩිම්බකෝෂ පිළිකා, දියවැඩියාව ආදී රෝග සෑදීම වළක්වාගත හැකි බවද ඒ තුළින් මරණ අඩු කරගත හැකි යැයිද පැවසුවාය.
ළමා මරණ ලක්ෂ 06කට වඩා අඩු කරගත හැකි යැයි පැවසූ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ධම්මිකා මහත්මිය මවුකිරි දීම යථාවත් කරගැනීමෙන් සෞඛ්‍ය සඳහා සිදුකිරීමට වන වියදම ඩොලර් බිලියන 340කට වැඩියෙන් ඉතිරි කරගත හැකි බවද ප්‍රකාශ කළාය.