නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාතේ සෞඛ්‍ය සංවර්ධනයට සුව ඇමති ප්‍රධානත්වයෙන් යාපනයේදී විශේෂ හමුවක්

    ජූලි 17, 2024

    උතුරු පළාතේ සෞඛ්‍ය අංශයේ වත්මන් තත්ත්වය පිළිබද සොයා බලමින් පවතින ගැටලු වලට විසදුම් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ උතුරු පලාතේ සියළු සෞඛ්‍ය බලධාරීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ හමුවක් අද (17) පැවැත්විනි.

    උතුරු  පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැති මෙම හමුව උතුරු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබුනි.

    උතුරු පළාතේ කිළිනොච්චිය, මුලතිව්, යාපනය, මන්නාරම, වව්නියාව යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සෞඛ්‍ය බලධාරීන් රැසක් මීට සහභාගි විය.

    උතුරු පලාතේ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවන්හි වත්මන් තත්ත්වය මෙන්ම සෞඛ්‍ය ආයතනවල මානව හා භෞතික සමිපත් පිළිබදවත්, පළාතේ සෞඛ්‍ය ආයතනවල වත්මන්  ක්‍රියාකාරීත්වය පිළිබදවත්, සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටළු සහගත තත්ත්වයන් පිළිබදවත්, උතුරු පළාතේ සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් වෙන්ව ඇති මුදල්‌ ප්‍රතිපාදන මෙන්ම ක්‍රියාත්මක සෞඛ්‍ය සංවර්ධන වැඩසටහන් පිළිබදව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කරන ලදි.

    උතුරු පලාතේ රෝහල් සදහා ලබාදිය හැකි අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනමින් ලබාදීමට  පියවර ගන්නා බවත්, මානව සම්පත ශක්තිමත් කීරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ද සෞඛ්‍ය අමාත්‍ය  වෛද්‍ය රමේෂ් පතිරණ මහතා  මෙහිදි පැවසීය. නව ඉදිකිරීම් සදහා ලබන වසරේ මුදල් වෙන් කිරීමට පියවර ගන්නා බවත්, පලාත තුළ ස්ථාපිත කර ඇති විශේෂ රෝහල් සංවර්ධනය කිරීමටද අවශ්‍ය කටයුතු සිදුකරන බවද  සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දෙන ලදි.

    මෙහිදි සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ උතුරු පලාත තූල සෞඛ්‍ය සේවාවන් ප්‍රශස්ත අයුරින් සිදුවන බවයි. වෛද්‍ය උපකරණ ඇතුලු භෞතික සමිපත් අතින්ද උතුරු පළාතේ සෞඛ්‍ය සේවාවන් ඉතා ඉහළ මට්ටමක පවතින බව ද පෙන්වා දෙන ලදි.

    උතුරු පළාතේ එක් ශික්ෂණ රෝහලක්, දිස්ත්‍රික් මහ රෝහල් හතරක්, මූලික රෝහල් දහයක්, දිසා රෝහල් පනස් හතරක්, ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රතිකාර ඒකක හතලිස් නවයක් ස්ථාපිත කර ඇති අතර  පළාත තුළ වෙසෙන 1,254,302   ජනතාවකට මෙම ආයතන වලින් සුව සත්කාර සෙවා සපයයි.

    මෙම අවස්ථාවට  උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාර්ල්ස්, පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ලක්ෂ්මනන් ඉලංගෝවන්, උතුරු පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සත්‍යමුර්ති, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන , නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය, අධ්‍යක්ෂවරුන් වන වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න, වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු,  යන මහත්වරුන්ද , වෛද්‍ය අධිකාරිවරුන්,ප්‍රධාන වෛද්‍ය නිළධාරීන් ඇතුලු   පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya