කි.මි 3.4ක දිගින් යුතු මෙම මාර්ගය ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, මඩකලපු දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති, ශිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් මහතාගේ ඉල්ලීම පරිදි මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් මෙම මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වැය කර ඇති මුදල රු. මිලියන 275කි.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුළුවගේ මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරිය බණ්ඩාර මහතා ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.