අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු නැඟු පැනයකට පිළිතුරු වශයෙනි.
බස් ගාස්තු තීරණය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පුළුල් ලෙස මැදිහත් වෙන අතර බස් ගාස්තු නියාමනය කිරීමට ප්‍රථම ප්‍රවාහන පනතට අනුව යම් ක්‍රමවේදයකට සකස් කර අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර ගාස්තු තීරණය කිරීමට කටයුතු කරන බවත්, එමනිසා කිසිඳු දේශපාලන මැදිහත්වීමකින් තොරව ගාස්තු නියාමනය සිදු කෙරෙන බවත් හෙතෙම මෙහි දී සඳහන් කළේය.
ප්‍රවාහන විෂයභාර අමාත්‍යවරයා වශයෙන් ජනතාවගේ ඉල්ලීම මත අනුව ත්‍රිරෝද රථ සේවා, පාසල් වෑන් රථ සේවා සහ කාර්යාලයීය ප්‍රවාහන රථ සේවා සියල්ලම නියාමනය කිරීම සඳහා බලතල ලැබෙන ආකාරයට ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගෙන නීති සංශෝධනයට අවශ්‍ය නීතිමය අවසරය ලබා ගෙන නීතිපතිවරයාගේ නිෂ්කාශන ලැබීමෙන් පසු ළඟදි ගැසට් පත්‍රය පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඉතාම කෙටි කාලයක දී මෙම ගැටලුව විසඳීමටත්, එමඟින් සැමට ගැටලුවලින් තොර පොදු ප්‍රවාහන ප්‍රතිපත්තියක් ඇති කිරීමට කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.