මෙම සමුළුවේදී ඉන්දීය සාගරයේ සාගර සම්පත් කළමනාකරණය කොට ඒවා ආරක්ෂා කිරීම හා නව සමුද්‍රීය සම්පත් සොයා ගැනීම පිළිබඳව පර්යේෂණ කරනු ලබන විද්‍යාඥයින්ද පිරිසක්ද මෙම සමුළුවට සහභාගී වන බැවින් මෙම සාකච්ඡාවට සහභාගී වීම ඉතා වැදගත් වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
තවද ඉන්දියාවේ මිරිදිය සම්පත් කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවට ගන්නා අතර මිරිදිය ඉස්සන් වගාව හා අනෙකුත් මිරිදිය මත්ස්‍ය වගාවන් පිළිබඳව සොයා බැලීමට අමාත්‍යවරයා කටයුතු කරන බව පැවසුවේය.
ඉන්දීය සාගරයේ සමුද්‍රීය සම්පත රැකගැනීම හා ඒවා වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙවැනි සමුළු පැවැත්වීම ඉතා වැදගත් බව අමාත්‍යවරයා සමුළුවට යාමට ප්‍රථමයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.