නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩකලපුව - පංකුඩාවෙලි තලවායි මාර්ගය ජනතා අයිතියට

    ජූලි 16, 2024

    කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරන ලද මඩකලපුව - පංකුඩාවෙලි තලවායි මාර්ගය ජනතා අයිතියට පත් කිරීම ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (13) සිදු කෙරිණි.

    කි.මි 2 ක දිගින් යුතු මෙම මාර්ගයේ පැවති අබලන් තත්වය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව අපහසුතා රැසකට මුහුණ දී තිබිණි. ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, මඩකලපු දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති, ශිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් මහතාගේ ඉල්ලීම පරිදි මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් මෙම මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ.

    කල්මුනේ සහ මඩකලපුව නගර අතර ගමන් කිරීමේ දී දෛනිකව අති විශාල රථ වාහන තදබදයක් ඇති වන මඩකලපුව කලවන්චිකුඩි මංසන්ධියේ, පදිකයින් සහ රියදුරන් මුහුණ දෙන අපහසු තත්වය මඟ හැරවීම සඳහා රථවාහන ආලෝක සංඥා පද්ධතිය ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට ද අමාත්‍යවරයා එදින එක් වී තිබේ.

    මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුළුවගේ මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරිය බණ්ඩාර මහතා ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya