මෙම වැඩසටහන ලංකාව පුරා ක්‍රියාත්මක වන අතර, මුල් අදියරේදී මෙමගින් ව්‍යවසායකත්ව ගම්මාන 160 ක් ආරම්භ කිරීමට නියමිතය.
පසුගියදා වයඹ පළාතේ මෙම වැඩසටහන පශු සම්පත් සංවර් ධන රාජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කල අතර, මේ සදහා රුපියල් මිලියන 450 ක් අමාත්‍යාංශය මගින් වෙන් කර ඇත.
මේ යටතේ වයඹ පළාතේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15 ක මෙම වැඩසටහන ආරම්භ කල අතර එහි එක් ගම්මානයක් සදහා රුපියල් මිලියන 30 බැගින් ලබා දීමට නියමිත අතර" මූලික අදියරේදී රුපියල් මිලියන 10 ක් ලබා දේ. ඉතිරි මිලියන 20 ක මුදල ලබන වසරේ වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතින අතරේදී යෙදවීමට නියමිතයි.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා තෝරාගත් තරුණ ව්‍යවසායකයින් හට ඔවුන්ගේ අභිමතය පරිදි වගා කිරීමට කැමති ඕනෑම එළවළු හෝ පළතුරු වර් ගයක් සදහා නවීන තාක්ෂණික දැනුම මෙන්ම එයට අවශ්‍ය නවීන කෘෂි උපකරණ මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ද අස්වැන්න නෙලීමෙන් පසු දේශීය හෝ විදේශීය වෙළද පොල සදහා යොමු කර වැඩි ආර් ථික ලාභයක් ව්‍යවසායකයින් වෙත ලබා ගැනීමට අවශ්‍ය මග පෙන්වීමද මෙම වැඩසටහන මගින් සිදි කිරීමට නියමිතය