නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කටාර් රාජ්‍යයෙන් මෙරට හෘද සහ ශ්වසන රෝගීන් සදහා රුපියල් මිලියන 120 කට අධික වටිනාකමකින් යුත් ඖෂධ පරිත්‍යාගයක්

    ජූලි 16, 2024

    මෙරට හෘද සහ ශ්වසන රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු  සදහා භාවිතා කරනු ලබන රුපියල් මිලියන 120 කට අධික වටිනාකමකින් යුක්ත අත්‍යාවශය ඖෂධ තොඟයක් කටාර් රාජ්‍ය විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඊයේ (15) භාර දෙනු ලැබීය.

    මෙම ඖෂධ තොගය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත කටාර් රාජ්‍යයේ මෙරට අධ්‍යක්ෂ S. Mahmoud Abukhalifa මහතා විසින් වෛද්‍ය සැපයුම් අංශයේ දි භාරදෙනු ලැබිණි.

    මෙම ඖෂධ පරිත්‍යාගය ලබාගනිමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ කටාර් රාජ්‍ය විසින් අවස්ථා ගණනාවකදීම මෙරට සෞඛ්‍ය සේවාවව ශක්තිමත් කිරිම සදහා මෙවැනි පරිත්‍යාගයන් රැසක් ලබාදිමට කටයූතු කර ඇති බවත්, ඒ් වෙනුවෙන් කටාර් රාජ්‍යයටත් ජනතාවටත් මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස රජය වෙනුවෙන් සිය ස්තූතිය පිරිනමන බව ද  පැවැසීය.

    නිදහස් සෞඛ්‍ය සේවාවක් ක්‍රියාත්මක වන අප වැනි රටවල් සදහා රජය මගින් වාර්ෂිකව වැය කරන මුදලට අමතර මෙවැනි පරිත්‍යාගයන් ලැබීම තුලින් ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකියාව ලැබෙන බවද පෙන්වා දෙන ලදි.

    කටාර් රාජ්‍යයේ මෙරට අධ්‍යක්ෂ S. Mahmoud abukhalifa මහතා විසින් මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර දීර්ඝ කාලය සිට අන්තර්ජාතික සම්බන්ධතාවයක් පවතින බවත්, ඉදිරියටත් මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරිමට මෙවැනි පරිත්‍යාග ලබාදිමට කටයුතු කරන බවයි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම්  විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සැපයුම් ජී.විඡේසූරිය, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දේදුණු ඩයස් යන මහත්වරු ද සෞඛ්‍ය ‌අමාත්‍යාංශය සහ කටාර් තානාපති කාර්යාලය  නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya