මෙම සංචාරය අතරතුරදී අධ්යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැහැදැකීමට නියමිත අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය තාරක බාලසූරිය යන මහත්වරුන් හමුවී සාකච්ඡා පවත්වනු ඇත.
ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වෙන සැමරුම් උත්සවයට අධ්යක්ෂ ජනරාල්වරිය සහභාගී වන අතර යුනෙස්කෝ ලෝක උරුම නැරඹීමට ද නියමිතයි.