නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ ගමනාගමන පහසුව වෙනුවෙන් උපදුම්රිය ස්ථානයක්

    ජූලි 15, 2024

    සෞඛ්‍ය ආරක්ෂණ පීඨයේ පීඨාධිපති ටී සදනන්ද මහතාගේ ඉල්ලීම පරිදි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ ගමනාගමන පහසුව සැලසීම සඳහා විශ්වවිද්‍යාලයට අයත් භූමි භාගය හරහා ගමන් කරන දුම්රිය මාර්ගය තුළ විශ්වවිද්‍යාලය ආසන්නයේ උපදුම්රිය ස්ථානයක් ඉදි කිරීම කඩිනමින් ආරම්භ කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පසුගිය දා (13) මඩකලපුව පීල්ලයාරඩ් හි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ අභ්‍යන්තර මාර්ග පද්ධතිය කාපට් අතුරා නවීකරණය කිරීමෙන් අනතුරුව සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාව සඳහා එක්වෙමිනි.

    ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් මහතාගේ ආරාධනයෙන් අමාත්‍යවරයා මෙම අවස්ථාවට එක්විය.

    ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ මහතා, නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උප කුලපති වී කනගසිංහම් මහතා,සෞඛ්‍ය ආරක්ෂණ පීඨයේ පීඨාධිපති ටී සදානන්ද මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුළුවගේ මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරිය බණ්ඩාර මහතා ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya