නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය දිස්ත්‍රික්කයේ පවතින රැකියා හිඟයට පිළියම් යොදන ලෙස ආණ්ඩුකාර තුමිය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි

    ජූලි 13, 2024

    යාපනය. දිස්ත්‍රික් විශේෂ සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ(12)  දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් සම සභාපතිවරුන් වන  ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ සහ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.

    උතුරු පළාතේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල හිඟයක් පවතින බවත්, විශේෂයෙන්ම කාර්යාල කාර්ය සහායක පුරප්පාඩු වැඩි වීම නිසා ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී විශාල දුෂ්කරතා මතුව ඇති බවත් ගරු ආණ්ඩුකාර තුමිය අග්‍රාමාත්‍යවරයාට පැවසීය.බොහෝ දෙපාර්තමේන්තුවල ශ්‍රම හිඟය දක්නට ලැබෙන බවත් ඒ සඳහා විසඳුම් සෙවීමට ගරු අග්‍රාමාත්‍යතුමා පියවර ගන්නා ලෙසත් ආණ්ඩුකාර තුමිය ඉල්ලා සිටියාය.

    දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, උතුරු පළාත් ප්‍රධාන ලේකම්, යාපනය දිස්ත්‍රික් වැඩබලන දිස්ත්‍රික් ලේකම් මෙන්ම අනෙකුත් දෙපාර්තමේන්තු ලේකම්වරුන්, කොමසාරිස්වරුන්, ආරක්ෂක අංශය, මහජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya