නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගමනාගමන පනත සංශෝධනයේදී නව තාක්ෂණය හඳුන්වාදෙනවා - ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම

    ජූලි 12, 2024

    ගමනාගමන පනත සංශෝධනයේදී ජී.පී.එස්. තාක්ෂණය, ගූගල් මැප් ආදී නව තාක්ෂණය හඳුන්වාදීම සිදුකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසයි.

    ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව පැවසුවේ අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ දැනුවත් කිරීම පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    ජාතික ගමනාගමන කොමිෂන් සභාව 1991 අංක 37 දරණ පනතෙන් පිහිටවූ ආයතනයක් බවද ඉන් සිදුකරන කාර්යය වනුයේ වෙන්වෙන් වශයෙන් ගාස්තු අයකර ගමනාගමනයට යොදවාගන්නා බස්රථ නියාමනයන් පිළිබද රජයේ උපදේශක වශයෙන් කටයුතු කිරීම බවද වැඩිදුරටත් පැවසුවේය.

    එම බස්රථ වල ප්‍රමිතීන්, ධාවන කාලසටහන්, බස්රථ වල තිබිය යුතු නිර්ණායකයන් ආදී සියලු දේ අධීක්ෂණය සහ ක්‍රියාත්මක කිරීම් මෙම ආයතනය තුළින් සිදුකරන බව පැවසූ සභාපතිවරයා සිසු සැරිය, ගැමි සැරිය ආදී රජයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරන ව්‍යාපෘතීන් සිදුකරන බවද පැවසුවේය.

    ඇමතිතුමාගේ මගපෙන්වීම යටතේ මීට වසර එකහමාරකට පෙර ගමනා ගමන කොමිෂන් සභාවේ පනත සංශෝධනය කිරීමට පටන්ගත් බවද දැනට කොමිෂන් සභාවට බලතල ඇත්තේ බස්රථ නියාමනයට පමණක් බවද පනත සංශෝධනයේදී ත්‍රීරෝද රථ, ටැක්සි රථ, පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස්රථ සහ කාර්යාල ප්‍රවාහන සේවා ආදිය නියාමනයටද  ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට පූර්ණ බලතල ලැබෙන බවද සදහන් කළේය.

     යම්කිසි බස්රථයක් මාර්ගයකට යෙදවීමේදී ඒ සදහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් හදුන්වා දුන් කොන්දේසි පවතින බවද එම කොන්දේසි වලට අනුගතව බස්රථ ඉදිරිපත් කළ යුතු අතර වායු සමනය කරන ලද බස්රථ , සාමාන්‍ය සේවා බස්රථ ආදිය යොදවන විට අවශ්‍ය පිරිවිතරයන්ට සම්පූර්ණයෙන්ම අනුකූල විය යුතු මෙන්ම එම පිරිවිතරයන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව භෞතිකව පරීක්ෂා කරන බවද ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මෙහෙයුම් ෂෙරීන් අතුකෝරාල මහත්මිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya