නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය  හේතුවෙන් කඩා වැටුුණු අධ්‍යාපනය අද යළි නගාසිටුවීමට හැකිවුණා - අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත්

    ජූලි 12, 2024

    කොවිඩ් වසංගතය,  සහ ආර්ථික අර්බුදය  හේතුවෙන් කඩා වැටී ඇති අධ්‍යාපනය අදවන විට  නගා සිටුවීමට හැකි වූ බව, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

    එක්තරා රූපවාහිනී වැඩසටහනක සජීවී ලෙස විකාශය වූ වැඩසටහනක් සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් නගමින් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මේ බව ප්‍රකාශ කළේය.

    කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා කඩා වැටුණු අධ්‍යාපනය අද වන විට නගා සිටුවීමට හැකි වී ඇති බවත්, ලබන වසර සඳහා නිල ඇඳුම් 100% නොමිලයේ  ලබා දීමට  චීනය එකග  වී ඇති බවත්,  ලබන වසර සඳහා අවශ්‍ය පෙළපොත් 40%ක් මේ වන විට මුද්‍රණය කර අවසන් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    කිසි කෙනෙක් වගකීම භාර නොගත්ත අවස්ථාවක තමා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් වගකීම භාරගත් බවත්, අවුරුදු 02යි මාස 03ක්  අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන බවත් පැවසූ අමාත්‍යවරයා , උසාවියේ තිබෙන නඩුව නොවන්නට ගුරු පත්වීම් ලබා දී අවසන් බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ,

    මම ඉස්සෙල්ලාම අධ්‍යාපන ඇමතිවරයා වුණේ 2000 .ඒ මාස 09කට.‌ලොකු දෙයක් කරන්න වුණේ නැහැ. 2005 ඉඳන් 2010 දක්වා අධ්‍යාපන ඇමතිවරයා. ඒ කාලේ රටේ යුද්ධයක් තිබුණා. යුද්ධයේ උච්චතම අවස්ථාව.උතුරු නැගෙනහිර කිසිම විභාගයක් අපි නැවැත් වූයේ නැහැ. නාවික හමුදාවේ බෝට්ටු වලින් දූපත් වලට ප්‍රශ්න පත්‍ර ගෙන ගියා. අධ්‍යාපනය අඩාල කළේ නැහැ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ බෝම්බයකින් කොළඹ ඩී.එස් විද්‍යාලයේ දරුවෝ හය දෙනෙක් මිය ගියා. බොහෝ අභියෝග මධ්‍යයේ තමයි අමාත්‍යංශය ගෙන ගියේ.

    මෙවර මම මේ අමාත්‍යංශය භාර ගන්න විට හිටපු කැබිනට් එක අස්වෙලා. හිටපු ජනාධිපතිවරයා අස්වෙලා.  මේ රටේ ජනතාවට පෙට්‍රල් ලීටරයක් ගන්න පෝළිමේ ඉන්න වුණා. දේශපාලකයෝ හැංගිලා හිටියේ.

    .

    මම අවුරුදු 20ක් දේශපාලනය කර තිබෙනවා. මඩ ගහන්න එපා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya