ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසුවේ ඊයේ (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සහ සංවර්ධනය පිළිබද ක්‍රමෝපායක සන්නිවේදන විද්වත් මාධ්‍ය තකිකාවතට එක්වෙමිනි.
මෙහිදී පළමුව අවධානය යොමු කරනුයේ රෝගී තත්ත්වයට පුද්ගලයන් යොමුවීම වැළැක්වීම සදහා පුද්ගලයන්ගේ සෞඛ්‍ය සංරක්ෂණය යැයිද යම්කිසි පුද්ගලයෙකු රෝගී තත්ත්වයට පත්වුණහොත් ඔවුන් නිරෝගී කරගැනීම පිළිබදවද කටයුතු කරන බව අවධාරණය කළේය.
වෛද්‍ය අධ්‍යාපනය, දේශීය වෛද්‍ය ව්‍යවසායකත්වය, නිවාරණය, නිෂ්පාදන ක්‍රියාවලිය, ආයතන, ආනයන, අපනයන ආදී සියල්ලක්ම මෙම විෂය ක්ෂේත්‍රයට ඇතුළත් කරමින් 1961 අංක 31 දරණ පනත සකසා ඇතැයිද මෙමගින් සෘජු ලෙසම සමාජ ආර්ථිකමය සංවර්ධනයක් දායක කරගෙන ලංකාවේ ඇති සම්පත් උපයෝජනය කරමින් දේශීය වෛද්‍ය ඥාණය සහ එහි ඇති බුද්ධිමය විශ්මයන් තුළින් මෙරට ජනතාව සුවපත් කිරීමේ අභිලාෂයෙන් මෙම ගමන ඉදිරියට රැගෙන යන බවද ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේය.