වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,
ජනාධිපතිවරණය ඇතුළු සියළු මැතිවරණ නියමිත දිනට පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැන්වූවා. ඒ් සඳහා ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පවත්වනවා. ඒ සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 10ක් වෙන් කර තිබෙනවා.මැතිවරණ කොමසාරිස්වරයාට පුළුවන් නියමිත දිනට මැතිවරණය පවත්වන්න. කැබිනට් ප්‍රකාශකවරයා ලෙස මම මාස තුනක් තිස්සේ මේ බව කියනවා. ඔක්තොම්බර් 17 වෙනිදාට පෙර නව ජනාධිපිතවරායෙක් පත් වෙනවා. ඒ සඳහා වඩාත් සුදුසුකම තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණයි.