රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ආබාධිත දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සදහා පවතින ප්‍රවේශය හා නීතිමය තත්ත්වය යන මැයෙන් පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.
2007 සිට අද දක්වා සම්මත නොවූ ආබාධිතයන් සදහා වන පනත මේ වන විට අවසානය දක්වා පැමිණ ඇතැයිද එහි ආබාධිතයන් සදහා කොමිෂන් සභාවක්ද ඇතුලත් කර ඇතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ඉතාමත් නුදුරු දින කිහිපයක් තුළ එනම් මාසයක් වැනි කාලයක් තුළදී පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කරන බවද අවධාරණය කළේය.
ගිය වසරේ එක්සත් ජාතීන්ගේ ආබාධිත සමුළුවට පළමු අමාත්‍යවරයා වශයෙන් තමා සහභාගී වූ බව සිහිපත් කළ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා එහිදී ලංකාවේ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් කළ යුතු සහ කරන දේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ බවද ආබාධිත ප්‍රජාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියක් සමග එකගතාවයක් ඇතැයිද සදහන් කළේය.
ගිය වසරේ එලෙස ආබාධිත සමුළුවට එක්වී කරුණු දැක්වූ නිසා අපට ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ඩොලර් 70,000ක මුදලක් ලැබී ඇතැයිද මෙහිදී ලංකාවේ ආබාධිත ප්‍රජාවගේ තත්ත්වය පිළිබදව කුමන දිශාවක් ඔස්සේ කුමන ප්‍රෙව්ශයක් ලබාගත යුතුද යන්න විශේෂ වාර්තාවක් සකස් කළ යුතු යැයිද ආබාධිත මහ ලේකම් කාර්යාලයත් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ව එය සකසන බවද අවධාරණය කළේය.
රටවල් 30කට එම වාර්තාව සකස් කළ යුතු යැයිද ඉන් රටවල් 15ක් ඊළග ව්‍යාපෘතිය සදහා තෝරාගන්නා බවද වැඩිදුරටත් පැවසුවේය. අපගේ අනෙකුත් ක්‍රියාකාරකම් වලට එකතු වන පුද්ගලයන් බවට ආබාධිත ප්‍රජාව පත්කළ යුතු බවද සාමාන්‍ය විදියට අධයාපනය ලබන, සාමාන්‍ය ලෙස විවාහ වන පිරිසක් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවද පැවසුවේය. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මොවුන්ගේ අධ්‍යාපනයට ප්‍රමුඛතාවය ලබාදෙන බවද සදහන් කළේය.
මේ වසරේ සිට සියලුම ආබාධිත දරුවෝ වයස අවුරුදු 03දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි විය යුතු බවද එලෙස අවුරුදු 03දී ලියාපදිංචි වන දරුවා අවුරුදු 05දී පාසලට ඇතුලත් කරන්නේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රධානත්වයෙන් සහ සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍යංශයේ සහයෝගීත්වයෙන් සම්මන්ත්‍රණ 03ක් පවත්වන බවද වැඩිදුරටත් පැවසුවේය.