නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු-විදුහල්පතිවරුන් එක්ව ආරම්භ කළ වර්ජනයට සහභාගි නොවී ඉගැන්වීම් කටයුතු වල නිරත වූ ගුරුවරුන්ට වැටුප් වර්ධකයක්

    ජූලි 10, 2024

    ගුරු-විදුහල්පතිවරුන් එක්ව ආරම්භ කළ වර්ජනයට සහභාගි නොවී ඉගැන්වීම් කටයුතු වල නිරත වූ ගුරුවරුන්ට වැටුප් වර්ධකයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.


    ඒ අනුව එම දින දෙක තුළ සේවයට වාර්තා කළ 3 වැනි ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 525ක වැටුප් වර්දකයක්, 2වැනි ශ්‍රේණියේ පළමු පංතියේ ගුරුවරයෙකුට රුපියල් 1335ක වැටුප් වර්ධකයක් හා පළමු ශ්‍රේණියේ ගුරුවරයෙකුට රුපියල් 1630 ක වැටුප් වර්ධකයක් ලබාදීමට අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  අද  (10) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
    විශ්‍රාම වැටුපට බල නොපාන ආකාරයට වැටුප් වර්ධක ලබාදීමට කටයුතු කරන බව හෙතෙම කීවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya