ජීවන වියදම සහ මෑත කාලීනව රට තුළ පැන නැගී ඇති ආර්ථික අර්බුදයේ බලපෑම් කෙරෙහි නිසි සැළකිල්ලක් යොමු කරමින් වතු කම්කරුවෙකු සඳහා දිනකට ගෙවිය යුතු වැටුප තක්සේරු කරන ලෙස මුදල් , ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම්ට 2021.05.20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උපදෙස් දී ඇත.එමෙන්ම , එකී වැටුප ගෙවීම සඳහා එක් එක් ප්‍රාදේශීය වතු සමාගම් සතුව පවතින හැකියාව නිශ්චය කිරීම පිණිස කමිටුවක් පත් කිරීම සඳහා ද ඊයේ(09) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ තිබේ.