නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ

    ජූලි 10, 2024

    මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මඟීන් ලබා දෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක් මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව මුං ඇට කිලෝවක් රුපියල් 998.00 ක් ද, ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 205.00 ක් ද, දුඹුරු සීනි කිලෝවක් රුපියල් 375.00 ක් ද සහ සුදු සීනි කිලෝවක් රුපියල් 263.00 ක් ද වශයෙන් භාණ්ඩ වල මිල අඩු කිරීමට පියවර ගෙන ඇත.

    වෙළඳ වාණිජ සුරක්ෂිතතා අමාත්‍යංශයේ උපදෙස් පරිදි රාජ්‍ය අංශය සතු එකම සුපිරි වෙළඳ සල් ජාලය වන ලංකා සතොස ආයතනය විසින් මෙසේ භාණ්ඩ වල මිල අඩු කිරීමට පියවර ගෙන ඇති අතර අද (10) සිට මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට මිල දී ගැනීමට හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya