උත්සව සමයේ කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය සියලුම පොදු පහසුකම් සැලසීමට කටයුතු කර ඇතැයි කඳවුරු භාර නිලධාරී, මොනරාගල දිසාපති පසන් රත්නායක මහතා පවසයි. බැතිමතුන්ගේ ආරක්ෂාවට ශ්‍රී ලංකා පොලිසිය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර, ජල සහ සෞඛ්‍ය පහසුකම් සැලසීමට ද ඔවුන් විසින් කටයුතු යොදා ඇත.