ඔක්තෝබර් 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඒ තමයි ආරි කෘතිය එළි දැක් වේ

    ජූලි 05, 2024

    රජයේ  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආරිය රූබසිංහ මහතාගේ චරිතාපදානය ඇසුරින් රචිත “ ඒ   තමයි ආරි “ ජීවනාන්දර කෘතිය ජනගත කිරීම ප්‍රවාහන හා මහාමාර්ග , ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 5) එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    මෙම කෘතිය රචනා කර ඇත්තේ ප්‍රවීන ලේඛක දිලිප් කුලතංග මහතා වන අතර සරසවි ප්‍රකාශන ආයතනය මෙහි ප්‍රකාශනය සිදු කර ඇත.

    රූබසිංහ මහතා ගුරුවරයකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇති අතර  මාතර රාහුල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරා තිබේ.අනතුරුව ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ ඒ මහතා විවිධ අමාත්‍යංශවල රාජකාරි ඉටු කර ඇති අතර වැඩි කාලයක් සේවය කර ඇත්තේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ය.එසේම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ඉටු කළ ඒ මහතා විවිධ ජනමාධ්‍ය අමාත්‍යවරුන් යටතේ සේවය කොට ඇත.

    කොල්ලුපිටිය පරිශ්‍රයේ පැවති ඒවකට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වර්තමාන පරිශ්‍රය වෙත ගෙන ඒන ලද්දේ ද ඒ් මහතාගේ මූලිකත්වයෙනි.

    ලාංකීය දේශපාලනයේ විවිධ හැලහැප්පීම් මධ්‍යයේ සිය රාජකාරි නිසිලෙස ඉටු කරමින් පැවති රජයන්ට මහත් සහයෝගයක් ලබා දුන් බව උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් ජ්‍යෙෂ්ඨ පරිපාලනවේදී විශ්‍රාමික ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පැවසීය.

    උසස් ගතිගුණවලින් පිරි මහත්මා මිනිසෙක් බවත් අද්‍යතන මාධ්‍යවේදීන්ට රූබසිංහ මහතාගේ චරිතය ආදර්ශයක් බවත් උත්සවය ඇමතූ ලංකාදීප පුවත්පතේ විශ්‍රාමික කර්තෘ ‌ෙජ්‍යෂඨ මාධ්‍යවේදී සිරි රණසිංහ මහතා පෙන්වා දුන්නේය.

    එසේම බෙල්ලන්විල පන්සලේ ඇසල පෙරහැර කමිටුවේ ලේකම් කේසර ගුණසේකර මහතා රූබසිංහ මහතා වෙනුවෙන් සමරුවක් ලබා දීමද මෙහිදී සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට බෙල්ලන්විල රාජමහා විහාරාධිපති , සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ගෞරවාර්හ ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන්වහන්සේ , ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා  ඇතුලු මාධ්‍යවේදීන් සහ කලාකරුවන් පිරිසක් එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya