ජූලි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අස්වැසුම දෙවැනි අදියරේ සමීක්ෂණ කටයුතු ඇරැඹෙයි

    ජූලි 04, 2024

    අස්වැසුම දෙවැනි අදියරේ සමීක්ෂණ කටයුතු ආරම්භ කරන බව තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සමග අද අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාව දී මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. සමීක්ෂණ කටයුතු ජූලි මස 15 වැනි දා නිල වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වුව ද කඩිනමින් දෙවැනි අදියරේ ප්‍රතිලාභ ගෙවීම ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් හැකි සෑම දිස්ත්‍රික්කය ම එම කටයුතු ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කිසියම් පාර්ශවයක් සුදුසුකම් නොමැතිව අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නේ නම් ඒ බව තහවුරු කර ගැනීම සඳහා සුදුසුම අවස්ථාව මෙය බව සේමසිංහ මහතා අවධාරණය කරයි.

    මේ අතර තව දුරටත් අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් යොමු නොකළ පිරිසට ඉදිරි සතිය තුළ එම අවස්ථාව උදා වන බව සේමසිංහ මහතා කියා සිටියේ ය. දෙවැනි අදියර සඳහා මේ වන විට අයදුම්පත් 475,000ක් පමණ ලැබී තිබේ. ඉන් අයදුම්පත් 450,000ක පමණ තොරතුරු පද්ධතියට ඇතුළත් කර ඇති අතර යම් යම් අඩුපාඩු සහිතව පුරවන ලද ඉතිරි අයදුම්පත් 25,000ක පමණ ප්‍රමාණය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇති බව සේමසිංහ මහතා පැවැසීය. අමාත්‍යවරයා සඳහන් කළේ පවුල් ලක්ෂ 24ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභ ලබා දීම රජයේ අපේක්ෂාව බවයි. ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන්කර ඇති අතර වඩාත් සුදුසුම කණ්ඩායම වෙත ප්‍රතිලාභ ලබා දීමට හැකි සෑම පියවරක් ම ගන්න බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya