ජූලි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජෝර්ජියානු හිටපු විදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යවරිය සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්  අලස් මහතා අතර හමුවක්

    ජූලි 04, 2024

    ජෝර්ජියානු හිටපු විදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය,Dexis ආයතනයේ  ජේෂ්ඨ අධ්‍යක්ෂිකා Eka Tkeshelashvili මහත්මිය සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්  අලස් මහතා අතර හමුවක්  මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (04) පැවැත්විණි.

    ජාත්‍යන්තර මට්ටමින් දූෂණ විරෝධී වැඩසටහන් රැසක් වෙනුවෙන් නායකත්වය සපයා ඇති එතුමිය එහිදී සිය අත්දැකීම් අමාත්‍යවරයා  සමග හුවමාරු කර ගනු ලැබීය.

    ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීම  සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

    එසේම දූෂණ විරෝධී වැඩපිළිවෙල  ක්‍රියාවට නැංවීමේදී යොදා ගනු ලබන ඇතැම් නීති රීති සහ ක්‍රියාමාර්ගයන් සඳහා දීර්ඝ කාලයක් ගතවීම පිළිබඳව ද අවධානය යොමු කළ අතර ඊට පිළියමක් වශයෙන් ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක වන විවිධ ක්‍රියාමාර්ගයන් ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් සුදුසු පරිදි යොදා ගැනීම පිළිබඳව මෙහිදී  සාකච්ඡා කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya