ජූලි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත පාසල් පද්ධතියට ම ඉදිරියේ දී එක ම ගිණුම්කරණ මෘදුකාංගයක්

    ජූලි 04, 2024

    මෙරට සියලු ම පාසල්වල මූල්‍ය හා ගිණුම් කටයුතු නිවැරදි ව යාවත්කාලීන කරමින් පවත්වාගෙන යාම සඳහා එක ම මෘදුකාංගයක් ඉදිරියේ දී හඳුන්වාදී මූල්‍ය අක්‍රමිකතා මගහැරවීමට යෝජනා කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

    ශ්‍රී ලංකා ගණකාධිකරණ වෘත්තීකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ප්‍රශස්ත ම පාසල් වාර්ෂික වාර්තා ත්‍යාග ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අද දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසී ය. පාසල් අතර පැවති මෙම තරගයෙන් රන් සම්මානය දිනා ගත්තේ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය වන අතර රිදී සම්මානය නුගේගොඩ අනුලා විද්‍යාලයටත් ලෝකඩ සම්මානය ගාල්‍ල ඇලෝසියස් විද්‍යාලයටත් හිමි විය. එම සම්මානලාභී විද්‍යාලවලට මූල්‍ය ත්‍යාගයන් ද පිරිනැමිණ.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ නව සන්නිවේදන දියුණුවත් සමග ඉතා පහසුවෙන් එක මෘදුකාංගයක් මගින් පාසල්වල ගිණුම් වාර්තා මාසික ව ම සකසා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවත් වසර ගණන් විගණන ගැටලුවලට මුහුණ දීමේ අහිතකර තත්වයන් ගුරුභවතුන්ට එමගින් වලක්වාගත හැකි වන බවත් ය. පාසල්වල කාර්යාලයීය කටයුතු වෙනුවෙන් පත් කරනු ලබන නිලධාරියාට එම කාර්ය පැවරිය හැකි බවත් ඒ අනුව පාසල්වල ගිණුම් අක්‍රමිකතා වලක්වාගැනීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන නියමු වැඩසටහනකින් අනතුරු ව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ හරහා සියලු පළාත් පාසල්වලට මෙන් ම සමස්ත පාසල් පද්ධතියට ම මෙම මෘදුකාංගය හඳුන්වා දී ඩිජිටල්කරණය කිරීමට අපේක්ෂිත බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya