ජූලි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් සිසුන් අතර කෘත්‍රිම බුද්ධිය සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා “AI Strategy 2024-2028” වැඩසටහන එළි දැක්වේ

    ජූලි 04, 2024

    පාසල් සිසුන් අතර කෘත්‍රිම බුද්ධිය සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා “AI Strategy 2024-2028” වැඩසටහන එළිදැක්වීම ඊයේ (03) තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සිදු විය.

    කෘතිම බුද්ධිය පිළිබඳව ජාතික උපාය මාර්ගයෙහි කොටසක් වන මෙම පියවර, කෘත්‍රිම බුද්ධිය දැනුම සහ කුසලතා ප්‍රවර්ධනය කිරීම, සාර්ථකත්වය සඳහා තීරණාත්මක අනාගතයක් සඳහා සිසුන් සූදානම් කිරීම මෙන්ම ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි සියලුම පාසල්, කෘතිම බුද්ධිය පිළිබඳ අධ්‍යාපනය සඳහා ප්‍රවේශය ලබා ගැනීම වේ.
    අධ්‍යාපන අමාත්‍යංශය , තාක්ෂණ අමාත්‍යංශය සහ AI Club ආයතනය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවේ එම ආයතනයේ විධායක නිලධාරී ආචාර්ය නිශා තලගල මහත්මියයි.
    කෘතිම බුද්ධිය (AI) පිළිබඳව ජාතික උපාය මාර්ගය යනු AI භාවිතයේ අභියෝගවලට මුහුණ දීමට සහ එම දැනුම බිම් මට්ටමට ගෙනයාම සඳහා නිර්මාණය කර ඇති පස් අවුරුදු මාර්ග සිතියමක් බවත් දිවයින පුරා පාසැල්වල AI කව ස්ථාපිත කෙරෙමින් පවතින අතර සෑම අංශයකටම ප්‍රතිලාභ සැළසෙන AI පරිසර පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීම ප්‍රධාන අරමුණ බවත් මෙම අවස්ථාවට එක්වෙමින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.
    AIClub හි විශේෂඥභාවය, පුද්ගලික අංශයේ සහ සංවර්ධන ආයතනවල මැදිහත්වීම සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ සහ පරිපාලකයින්ගේ ශක්තිමත් නායකත්වය සහ කැපවීම, ශ්‍රී ලංකාව පාසල් මට්ටමින් කෘතිම බුද්ධිය හා සම්බන්ධ සාක්ෂරතාවයෙන් දියුණු රටවල් සමඟ සම තත්ත්වයට පත් කිරීමට කටයුතු කරයි.
    මෙම අවස්ථාවට ජාතික කෘතිම බුද්ධිය පිළිබඳ කමිටුවේ සභාපති ආචාර්ය රොමේෂ් රණවන මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ධර්මශ්‍රී කුමාරතුංග මහතා සහ පාසල් සිසුන් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya