ජූලි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුමනා ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

    ජූලි 04, 2024

    හඳමාමා ළමා වැඩසටහන මගින් දරු දැරියන්ට වඩා සමිප  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුමනා ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත වුවාය.

    60 දශකයේ මුල් භාගයේ ආරම්භ වු හඳමාමා වැඩසටහන මේ දක්වාම ජාතික ගුවන් විදුලිය ඔස්සේ විකාශය වෙයි.ජයතිලක මහත්මිය ළමා ශිල්පිනියක්  ලෙස 1940 දී ගුවන් විදුලියට පැමිණ කාම්‍යමය වැඩසටහන් ඉදිරිපත් කොට ඇත.එහිදි සංදේශ කාව්‍ය,එළුඅත්තනගලුවංශය,සද්ධර්මරත්නාවලිය වැනි පැරණි සාහිත්‍ය ග්‍රන්ථවල  උද්ධෘත කියැවු  ඇය කැපි පෙනෙන ළමා ශිල්පිනියක් වුවාය.1953 බ්‍රිතාන්‍යයේ  එළිසබත් මහ රැජිනගේ මෞල මංගල්‍ය වෙනුවෙන් ශ්‍රි ලංකා ගුවන් විදුලිය සකස්  කර බීබිසී  ගුවන් විදුලිය වෙත යැවු කවි පදවැල් ගායනා කළේ ද සුමනා ජයතිලකයන් විසිනි.ජාතික ගුවන් විදුලියේ සංස්ථාවේ  නිවේදිකාවක් වු ඇය ජාත්‍යන්තර සම්මාන රැසකින්ම පිදුම්  ලබා තිබේ.නිවේදිකාවක්, වැඩසටහන් සම්පාදිකාවක්, නිෂ්පාදිකාවක්  ලෙස මෙන්ම රුහුණු සේවයේ කාන්තා අංශයේ පාලිකාවක ලෙස   ද ක්‍රියා කර තිබේ.මනමේ, පබාවති,හස්තිකාන්ත මන්තරේ,දවසක වෙනස,බලන කපොල්ල,රත්නාවලි,වලහැඩිය, මැටි කරන්නය වැනි වේදිකා නාට්‍ය  කිහිපයක රඟා ඇති ඇය පබාවතී නාට්‍යයේ මව් බිසවගේ චරිතයට පනපෙව්වාය.මුදු පුත්තු නාට්‍යයේ  මවගේ චරිතයට මුල් කාලයේ දි එක්වුයේ ඇයයි.ළමා ගීත හා කෘති ගණනාවක් රචනා කර ඇති ඇය හඳමාමා මෙන්ම ඇවිද්ද පය දවස් වටී, වනන්තරේ කතන්දරේ රේඩියෝ සඟරාව ද ඉදිරිපත් කර තිබේ.සුමනා ජයතිලක නම් වු ඇය දරුවන් අතර වඩාත් ජයප්‍රිය වුයේ හඳ නැන්දා ලෙසය. ඇයගේ දේහය  අද (04) දහවල් 12.30 ට පස්වරු 3.00 දක්වා ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තැම්පත් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya