ජූලි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ රැකියා පෙන්වා මුදල් වංචාකල කාන්තාවක් අත්අඩංගුවට

    ජූලි 03, 2024

    ඩුබායි හා කටාර් රාජ්‍යවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (07/02) අත්අඩංගුවට ගෙන තිබේ.

    දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් ඩුබායි හා කටාර් යන රටවල සුපිරි වෙළඳසැල්වල රැකියා ලබාදෙන බව පවසා දෙමටගොඩ ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් තිදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 4, ලක්ෂ 2.5 හා ලක්ෂ 1.5 බැගින් මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි 3ක් ලැබී තිබේ.

    ඒ අනුව, විමර්ශන නිළධාරීන් විසින් අදාළ කාන්තාව දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර, ඇයගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකර ඊයේ රාත්‍රියේ තලංගම පොලිස් ස්ථානයේ රඳවා තබා අද දින (7/3) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.  

    විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියාව සඳහා වලංගු රැකියා ඇණවුමක් ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya