එමගින් ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධාන ඇළ මාර්ග සහ ජල බස්නා නිරීක්ෂණය කර ජලය බැස යාමට ඇති බාධා හදුනා ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය මහතා පවසයි.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවයි.
ඒ අනුව සංස්ථාවේ සභාපති, අතිරේක සාමාන්‍යාධිකාරී (ක්‍රියාත්මක කිරීම්) ප්‍රමුඛ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක්ද ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ වාරිමාර්ග නිලධාරීන් සමඟ සීදුව ආසන්නයේ පිහිටි මීගමු කළපුවෙහි මෝය ආශ්‍රිත දඩුගං ඔය සහ අත්තනගලු ඔයෙහි ජල බස්නා පිළිබඳව නිරීක්ෂණය කළහ.
මෙහිදී අදාල ඇලමාර්ග ආශ්‍රිත ජලය බැසයාමට ඇති බාදක පිලිබද විශේෂ අවධානය යොමු කෙරිණ. තේක්ක ඇල සම්පූර්ණයෙන්ම පාහේ අවහිර වී ඇති බවත් අනවසර ඉදිකිරීම් හා අක්‍රමවත් ඉදිකිරීම් ගණනාවකින් සමන්විත බවත් නිරීක්ෂණය විය. එසේම මීගමු කළපුව ආශ්‍රිත ජලය බැසයන ඇල මාර්ග ගණනාවක විවිධ බාදක සහ ස්වබාවික සහ කෘතිම ගොඩබිම් ගණනාවක්ද නිරීක්ෂණය කෙරිණ.
දඩුගං ඔය ආශ්‍රිත ගං ඉවුරු ගොඩවීම හේතුවෙන් ඇතැම් ස්ථාන පටුවී ඇති බවත් විවිධ ජලජ ශාක සහ ආක්‍රමණික ශාක හේතුවෙන් මෙන්ම විවිධ අනවසර ඉදිකිරීම් නිසාද ජලය බැසයාමට බාදා ඇති බවද මෙහිදී අනාවරණය වූ බව සභාපතිවරයා පවසයි. මෙම අක්‍රමවත් භාවයන් ඉවත්කොට ජලමාර්ග පුලුල් කිරීමට ඇති හැකියාව පිළිබදවත් අනවසර ඉදිකිරීම් ඉවත් කරමින් අවහිරතාවයන් අවම කිරීම පිලිබදවත් මෙහිදී අවධානය යොමු වී තිබේ.
ගම්පහ ගංවතුර අවධානමෙන් මුදාගැනීම සදහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි තෙවදෑරුම් වැඩපිලිවෙලක් හදුනාගෙන ඇති බවත් මේ ක්‍රියාත්මක වන්නේ එහි කෙටිකාලීන විසදුම් බවත් සභාපතිවරයා පවසයි. මධ්‍ය කාලීන හා දිගුකාලීන විසදුම් හදුනා ගැනීමද මීට සමගාමීව සිදුකෙරෙන අතර කෙටිකාලීන විසදුම් මාස තුනක් ඇතුලත අවසන් කිරීමටත් මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන විසදුම් ක්‍රියාත්මක කිරීම මේ වසර තුල ආරම්භ කිරීමටත් අපේක්ෂා කරන බවද හෙතෙම කියා සිටී.
දඩුගං ඔය, ජා ඇල, මාකිලන්ගම ඔය, උරුවල් ඔය, කුන්දිවල ඇල, මාපලම් ඔය, දඩුලහ ඇල, දී එළි ඔය, අත්තනගලු ඔය ලෙසින් ගම්පහ දිස්ත්‍රික්කයේ හදුනාගත් ප්‍රධාන ජලමාර්ග 09 ක් තිබේ. මෙම ඇල මාර්ගයන්හි ජලය බැසයාම සිදුවන්නේ ප්‍රධාන ස්ථාන ද්විත්වයකිනි. ඒ ජා ඇල සහ දඩුගං ඔයයි.
අත්තනගලු ද්‍රෝණියේ පිහිටි තාවකාලික ජල රැදවුම් ප්‍රදේශ විවිධ සංවර්ධන කාර්යයන් නිසාත් විවිධ අනවසර සහ අක්‍රමවත් ඉදිකිරීම් නිසාත් වේගයෙන් අවම වෙමින් පවතී. එසේම පසුගිය කාලසීමාව තුල ඇති වූ දේශගුනික වෙනස්වීම් හේතුවෙන් ඇදහැලෙන අධික වර්ෂාපතනය මෙන්ම ප්‍රදේශ පුරා ඇති ජල අපවහන කාණු පද්ධතිය අවහිරවීම් හේතුවෙන් පසුගිය කාලසීමාවේ ගම්පහ නගරය අධික ලෙස ජලයෙන් යට විය. පසුගිය මැයි මාසයේදී ගම්පහ ජලයෙන් යටවීමෙන් දිස්ත්‍රික්කයේ 19,860ක සාමාජිකයයෝ 80,411ක් පීඩාවට පත්ව වූහ.