ජූලි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් විපක්ෂය සිදු කරන ඇතැම් ප්‍රචාරයන් පිළිබඳ බලවත් කණගාටුවක් තිබෙනවා - අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    ජූලි 02, 2024

    ශ්‍රී ලංකාව ලබා ගෙන තිබෙන ද්වි පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රංශ සමාගම සහ චීනයේ එක්සිම් බැංකුව සමඟ කරන ලද සාකච්ඡා සාර්ථක වීම සම්බන්ධයෙන් විපක්ෂය විසින් සිදු කරන ප්‍රචාර සම්බන්ධව බලවත් කණගාටුවක් තිබෙන බවත්, මේ රට පවත්වාගෙන යන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරන වැඩපිළිවෙලට අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය මුදල යටතේ බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    ලෝකයේ පවතින ගෙවීම් සම්බන්ධව සාකච්ඡා කිරීම් ආදිය සිදු කරමින් ඉතාම අසීරු කාර්යයක් කරමින් විදෙස් විශේෂඥ සහාය ලබා ගැනීමට කටයුතු කළ බවත්, ඒ අනුව ප්‍රංශයේ ලසාර්ඩ් සමාගම සහ නීතිමය උපදෙස් කටයුතු සදහා ක්ලිෆර්ඩ් හාන්ස් සමාගමත් මෙරට ණය ප්‍රතිව්‍යුහ ගත කරණ වැඩපිළිවෙල සිදු කිරීමට කටයුතු කරන බවත් හෙතෙම මෙහි දී සඳහන් කළේය.

    මෙවැනි වැඩපිළිවෙලක් අනුගමනය නොකලා නම් මේ වන විට මෙරට ජනතාවට තෙල්, බෙහෙත්, ආහාර, ඉන්ධන නොමැතිව දැඩි අර්බුදයක් ඇති විය හැකිව තිබුණු බවත් හෙතෙම මෙහි දී සඳහන් කළේය.

    අද(02) උදැසන දී ව්‍යවස්ථාදායකය ඇමතු ජනාධිපතිවරයා මේ රටේ සියලුම දේශපාලන නායකයින්ට හා රටට ආදරය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ජාතික එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා එක්ව වැඩ කිරීමට ආරාධනා කරන ලදී.

    ඊට හේතුව වන්නේ මෙරට තිබුණු විශාල ගැටළුවක් ව තිබෙන විදේශ ණය ගෙවාගත නොහැකි වීම බවත්, 2032 වන විට මුළු ණය නොගෙවූ ප්‍රමණය දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස අඩු කර එම ප්‍රමාණය ඉක්මවා නොයන ලෙස පවත්වාගෙන යාමට ණය ගැනීම කළ යුතු බවත්, අනාගත කළ පරිඡේදය තුළ ලංකාණ්ඩුවේ ඇතිවන මුල්‍ය අවශ්‍යතා ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ 13% ඉක්මවා නොයාමත් යන කරුණු කුමන රජයක්, කුමන ජනාධිපතිවරයෙක් ලංකාණ්ඩුව කලත් මුලික අරමුණු ඉටු කර ගත හැකි වන ලෙස ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන ගිවිසුම් අදාළ බලධාරීන් විසින් ඉදිරි පරම්පරා වෙනුවෙන් අත්සන් කර තිබෙන බව හෙතෙම පැවසිය.

    රට වෙනුවෙන් රටේ අනාගත පරපුර වෙනුවෙන් කළ එම ගිවිසුම් ප්‍රකාරව කටයුතු කිරීමට සියලු දෙනා එකතුව වැඩ කරන ලෙස ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුව විසින් ප්‍රකාශ කළ බවත් හෙතෙම මෙහි දී සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya