ජූලි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෝලීය රෙදිපිළි සහ ඇඟලුම් වැඩසටහන පිළිබඳ ව්‍යාපෘති ගිවිසුමට අත්සන් තැබීමට ජනපති ඉදිරිපත් කල යෝජනාවට කැබිනට් අනුමැතිය

    ජූලි 02, 2024

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ආර්ථික කටයුතු පිළීබඳ ස්විට්සර්ලන්ත රාජ්‍ය ලේකම් කාර්යාලය අතර ගෝලීය රෙදිපිළි සහ ඇඟලුම් වැඩසටහන පිළිබඳ ව්‍යාපෘති ගිවිසුමගිවිසුමට අත්සන් තැබීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

    ශ්‍රී ලංකාවේ රෙදිපිළි සහ ඇඟළුම් අංශය සඳහා ගෝලීිය රෙදිපිළි සහ ඇඟළුම් වැඩසටහනේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම පිණිස ආර්ථික කටයුතු පිළිබඳ ස්විට්සර්ලන්ත රාජ්‍ය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අතර ව්‍යාපෘති ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත.එම ගිවිසුමට එළඹීම මගින් ඩිජිටල්කරණය ප්‍රවර්ධනය කරමින් ගුණාත්මක හරිත නිෂ්පාදන කරා මාරුවීමේ කාර්යය පාදක කරගෙන රෙදිපිළි සහ ඇඟළුම් කර්මාන්තයේ පරිවර්තනයක් සඳහා ගෝලීය රෙදිපිළි හා ඇඟළුම් වැඩසටහනේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya