ජූලි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහබාගේ පොලිස් ස්ථානය සඳහා ඉඩම් කොටසක් ලබා දීමට කැබිනට් අනුමැතිය

    ජූලි 02, 2024

    මහබාගේ පොලිස් ස්ථානය සඳහා ඉඩම් කොටසක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

    ග්‍රාම නිලධාරි වසම් 08ක් තුළ ජීවත් වන 50,000 කට ආසන්න ජනතාවගෙන් සඳහා සේවා සපයනු ලබන මහබාගේ පොලිස් ස්ථානය දැනට කොළඔ-මීගමුව ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටි පර්වස් 21.5ක් වූ කුඩා භූමි ප්‍රමාණයක පවත්වාගෙන යනු ලබයි.

    එම තත්ත්වය මත රථවාහන ගාල් කිරීමට ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොතිබීම,නඩු භාණ්ඩ රඳවා තැබීමට සුදුසු ස්ථානයක් නොපැවතීම,හට නිවාස පහසුකම් ප්‍රමාණවත් නොවීම මෙන්ම නිල නිවාස නොතිබීම ආදී කරුණු හේතුවෙන් මහජනතාව හා සේවයේ නියුතු නිලධරයන් මහත් අපහසුතාවන්ට මුහුණ දෙමින් සිටි.

    එබැවින්,එම පොලිස් ස්ථානය සඳහා අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීම පිණිස වත්තල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පූර්වයෙන් ස්ථාපිත කර තිබු ඉඩමෙන් පර්චස් 40ක ප්‍රමාණයක් වෙන් කර දීම පිණිස රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya