ජූලි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩා කටයුතු සඳහා හෙන්රි පේද්‍රීස් ක්‍රිඩාංගනය පවරාදීමට කැබිනට් අනුමැතිය

    ජූලි 02, 2024

    හෙන්රි පේද්‍රිස් ක්‍රිඩාංගනයේ නාමය එලෙසම පවත්වාගෙන  යමින් එකී ක්‍රිඩාංගනය ඉසිපතන විද්‍යාලය වෙත පවරාදීම පිනිස ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

    විවිධ දක්ෂතා දක්වන ක්‍රිඩාකයින් රැසක් සිටින කොළඹ ඉසිපතන විද්‍යාලයට ක්‍රීඩා පුහුණුවීම් සඳහා ස්ථාර පිටියක් නොමැතිවීම එම ක්‍රිඩාවන්හී නියැලෙන ක්‍රීඩකයන්ගේ දක්ෂතා වැඩිදියුණු කිරිමට ඉමහත්  බාධාවක්ව පවති.එබැවින්,කොළඹ මහනගර සභාව සතු හෙන්රි පේද්‍රිරිස් ක්‍රිඩාංගනය ඉසිපතන  විද්‍යාලිය ක්‍රිඩා කටයුතු සදහා යොදා ගැනීමට 2016  වර්ෂයේ දී දෙපාර්ශ්වය අතර ගිවිසුමට එළඹ  ඇති අතර, එකී ගිවිසුමේ කාලසිමාව 2017 වර්ෂයේ දී අවසන් වි තිබේ.හෙන්රි පේද්‍රිස්  ක්‍රිඩාංගනය  ඉසිපතන  විද්‍යාලය  වෙත පවරා දීම මඟින්  එය නිසියාකාරව වැඩිදියුණු කොට පවත්වාගෙන යා හැකි අතර, එමඟින්  එම විද්‍යාලයේ  හා අවට පාසල්වල දරුවන්ගේ සහ ප්‍ර දේශයේ ජනතාවගේ  ක්‍රිඩා කටයුතු  සදහා ඵලදායි ලෙස යොදා ගැනීමට අවකාශය සැලසෛනු ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya