ජූලි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්වන්න

    ජූලි 02, 2024

    පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ හිටපු නායකයෙකු වූ සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ හිටපු නායක, අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආර්. සම්පන්දන් මතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම හෙට (03) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිත බැවින්, ඒ සඳහා සහභාගී වන ලෙස සියළු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන්  පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉල්ලා සිටියි.

    ආර්. සම්පන්දන් මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම පිණිස හෙට පස්වරු 2.00 සිට  4.00 දකවා පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඉදිරිපස ආ‍ලින්දයේ පිහිටි උත්සව ශා‍ලාවේ තැන්පත් කිරීමට නියමිතව තිබේ.

    මේ අනුව ආර්. සම්පන්දන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට අනුබද්ධ කාර්ය මණ්ඩලයට සහභාගී වන ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය ඉල්ලා  සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya