ජූලි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතාවයන් වලදී මූලික ණය ආපසු ගෙවීම සඳහා 2028 වසර දක්වා සහන කාලයක්

    ජූලි 02, 2024

    ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය සම සභාපතිත්වය දරන නිල ණය හිමි කමිටුව සහ චීන එක්සිම් බැංකුව සමග ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතාවයන් වලදී , මූලික ණය ආපසු ගෙවීම සඳහා 2028 වසර දක්වා සහන කාලයක් අපට  ලබා දී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(02)පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.පොළී අනුපාත සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ දමා ඇති බවත්  ඒ අනුව පොලී අනුපාතය සියයට 2.1 ක හෝ ඊට අඩු මට්ටමක පවත්වාගෙන යන්නට අවසර ලැබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අද (02) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපිත රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපිතවරයා පැවසුවේ,

    ණය සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමේ කාලය වසර 8 කින් දීර්ඝ කර තිබෙනවා. තවත් ලෙසකින් කිවහොත්, අපේ ණය ගෙවා අවසන් කළ යුතු වන්නේ 2043 වසරේ දී. ණය සේවාකරණ වියදම කල් දැමිය හැකි පරිදි මූලික ණය මුදල ආපසු ගෙවීම ක්‍රමිකව වැඩි කරන්නට හැකි වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඩොලර් බිලියන 5 ක ණය සේවාකරණයක් ශ්‍රී ලංකාවට ඉතිරි වෙනවා.මේ නිසා ආර්ථිකය යථා තත්වයට පත් කිරීම, සංචිත යළි ගොඩනැගීම, රාජ්‍ය මූල්‍ය ස්වරක්‍ෂකයන් ඇති කිරීම, සහ ණය ආපසු ගෙවීමේ හැකියාව වැඩි කිරීම මගින් අනාගතයේදී ශක්තිමත් ස්ථාවරයක සිට ණය ගෙවීම අවකාශය ලැබෙන පරිදි ආර්ථිකය වර්ධනය කර ගැනීමට අපට පුළුවන් වෙනවා. ඒ වගේම සැලකිය යුතු මුල්‍ය අවකාශයක් උදාවෙනවා.

    මෙම සුබ ආරංචිය අනාගතය දක්වා ඉදිරියට ගෙන යාම වෙනුවෙන් රජය ආරම්භ කර ඇති වැඩසටහන සාර්ථක කර ගනිමින් රට ගොඩනැගීමේ අභියෝගාත්මක ව්‍යායාමට පක්ෂ පාට බේදයෙන් තොරව එක්වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුදෙනාට යළි ආරාධනා කළේය.

    තමා පසුගිය අවුරුදු දෙක පුරා දේශපාලනය නොකළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා සෑම විටම තීන්දු තීරණ ගන්නේ දේශපාලන බලය වෙනුවෙන් හෝ ජනප්‍රියතාවය වෙනුවෙන් නොව රට වෙනුවෙන් බව ද අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya