ජූලි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභාවප්‍රාප්ත හිටපු විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතාගේ දේහය අවසන් ගෞරවය දැක්වීම සඳහා හෙට මැති­ ස­බේට

    ජූලි 02, 2024

    හිටපු විපක්ෂ නාය­ක­ව­ර­යකු සහ පක්ෂ නාය­ක­ව­ර­යකු වූ අභා­ව­ප්‍රාප්ත පාර්ලි­මේන්තු මන්ත්‍රී ආර්. සම්බ­න්ධන් මහ­තාගේ දේහ­යට අව­සන් ගෞරව දැක්වීම සඳහා පාර්ලි­මේන්තු සංකී­ර්ණය වෙත හෙට (03) පස්වරු 2ට ගෙන ඒමට තීර­ණය කර ඇත.

    ඒ අනුව දේහය පස්වරු 2 සිට 4 දක්වා පාර්ලි­මේන්තු සංකී­ර්ණයේ ඉදි­රි­පස ආලි­න්දයේ උත්සව ශාලාවේ තැන්පත් කර තිබේ.

    කථා­නා­යක මහින්ද යාපා මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන මහ­තා­ගේද සහ­භා­ගී­ත්ව­යෙන් පාර්ලි­මේන්තු සංකී­ර්ණ­යේදී ඊයේ (01) පැවැති පාර්ලි­මේන්තු කට­යුතු සභා­වේදී මෙම තීර­ණය ගෙන ඇත.

    අභා­ව­ප්‍රාප්ත ආර්. සම්බ­න්ධන් මහ­තාගේ අව­සන් කට­යුතු ත්‍රිකු­ණා­ම­ලයේ දී පැවැ­ත්වී­මට නිය­මිත අතර ඊට අදාළ පහ­සු­කම් සැප­යීමේ කට­යුතු සඳහා සියලු උප­දෙස්, අග්‍රා­මාත්‍ය දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා අදාළ නිල­ධා­රීන් වෙත ලබා දී ඇත.

    දෙමළ ජාතික සන්ධා­නයේ නායක ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ආර්. සම්බ­න්ධන් මහතා මිය­යන විට අනූ එක්වන වියේ පසු­විය. අස­නීප තත්ත්ව­යක් හේතු­වෙන් කොළඹ පෞද්ග­ලික රෝහ­ල­කට ඇතු­ළත් කර සිටිය දී පෙරේදා (31) රාත්‍රී­යේදී ඒ මහතා අභා­ව­ප්‍රාප්ත විය. ඒ මහ­තාගේ දේහය පාර්ලි­මේන්තු සංකී­ර්ණ­යට ගෙන යාමට පෙර බොරැල්ලේ පිහිටි මල් ශාලා­වක තැන්පත් කිරී­මට නිය­මිත වේ. දේහය පාර්ලි­මේන්තු සංකී­ර්ණයේ සිට ඒ මහ­තාගේ උපන් ගම වන ත්‍රිකු­ණා­ම­ල­යට රැගෙන යන අතර අව­සන් කට­යුතු ඉරිදා එහිදී සිදු­කි­රී­මට නිය­මිත වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya