ජූලි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව අද රැස්වෙයි - ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    ජූලි 02, 2024

    විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්  ජනාධිපතිවරයා  පාර්ලිමේන්තුවේදී අද(02) පෙරවරුවේ  විශේෂ ප්‍රකාශයක්  කිරීමට  නියමිත බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.

    විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්  හෙට (03) දින පැවැත්වීමට නියමිතව තිබූ  යෝජනා සම්මතය පිළිබඳ විවාදය නොපැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    ඊයේ ( 01) පස්වරුවේ කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya