ජූලි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද මධ්‍යම රාත්‍රියේ සිට බස්ගාස්තුව 5.07% කින් පහළට

    ජූලි 01, 2024

    අද මධ්‍යම රාත්‍රියේ සිට බස්ගාස්තුව 5.07% කින් අඩු කෙරෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති  ශෂී වෙල්ගම මහතා ප්‍රකාශ කරයි.

    අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී හෙතෙම මේ බව පැවසීය.

    ඒ අනුව වාර්ෂික බස්ගාස්තු සංශෝධනය අනුව 2024.07.01 මධ්‍යම රාත්‍රියේ සිට මඟී ප්‍රවාහනයේ යෙදෙන සියලුම බස් රථ සේවාවල ගාස්තු අඩු කර තිබේ.

    හෙට සිට (02) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ධාවනය වන බස්රථ සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව/ පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරිය විසින් නිකුත් කළ වලංගු මඟී සේවා අවසරපත්‍ර යටතේ ධාවනය වන පෞද්ගලික බස්රථ වල ක්‍රියාත්මක විය යුතු නව බස්ගාස්තුව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ntc.gov.lk ඔස්සේ බාගත කළ හැක.

    මඟීන්ගෙන් අය කළ යුතු නියමිත බස් ගාස්තුවවට වඩා වැඩියෙන් බස්ගාස්තු අය කරන්නන් පිළිබඳව නිත්‍යානුකුල පියවර ගැනීමට කටයුතු කරන අතර මහජන පැමිණිලි කිරීම් 1955 ක්ෂණික ඇමතුම අංකය වෙත හෝ, 0712595555 වට්ස්අප් අංකය වෙත හෝ 0112595555 අංකය වෙත හෝ ඇමතීමෙන් සිදු කළ හැකි වේ.

    මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන, සහ අධ්‍යක්ෂ (සැළසුම්) කේ.ඒ.සී. කරුණාරත්න යන මහත්මීහු ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya