ජූලි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මඟින් සංවිධාන කරනු ලබන ‘‘ජාතික බාලදක්ෂ සේවා සහ සම්බන්ධතා මාසය‘‘ හෙට (01)ඇරඹේ

    ජූනි 30, 2024

    ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මඟින් සංවිධාන කරනු ලබන ‘‘ජාතික බාලදක්ෂ සේවා සහ සම්බන්ධතා මාසය‘‘ හෙට (01) ආරම්භ කෙරේ.

    ඒ අනුව එම සේවා සම්බන්ධතාව ජූලි මස (31) වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර ශ්‍රී ලංකා පුරා විසිරී සිටින 110000කට අධික බාලදක්ෂ බාලක බාලිකාවන් මෙම කාලය තුළ බාලදක්ෂ සේවාවන් වල නිරත වෙති.
    ඕනෑම අභියෝගයකට බාලදක්ෂයන් මුහුණ දෙන බවට සනාථ කරමින් මෙම කාලය තුළ විවිධ සේවා කටයුතු වල නිරත බාලදක්ෂයන් තුළ ශ්‍රමාභිමානය හා අවංක සේවයෙහි ඇති වටිනාකම පිළිබඳ ආකල්ප ඇති කිරීම සහ බාලදක්ෂ කණ්ඩායම් පවත්වා ගෙන යාම හා ඒවායෙහි ක්‍රියාකාරකම් හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරනු ලබන අරමුදල් රැස්කිරීම සේවා මාසයෙහි ප්‍රධාන අරමුණ වේ.
    මෙම මාසය තුළ සේවා කාඩ්පත රැගෙන පැමිණෙන බාලදක්ෂ බාලක බාලිකාවන්හට සේවාවක් පවරමින් දායකත්වය සපයා දෙන ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya