ජූලි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ඔසුසල ජාලයේ 57 වන ඔසුසල ශාඛාව ගාල්ල බද්දේගම නගරයේ දී විවෘත කෙරේ

    ජූනි 30, 2024

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) ගාල්ල, බද්දේගම රාජ්‍ය ඔසුසල ශාඛාව ඊයේ (29) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල ජාලයේ 57 වන ඔසුසල ලෙස බද්දේගම නගර මධ්‍යයේ ස්ථාපිත කළ මෙම ඔසුසල මගින් පළපුරුදු ඖෂධවේදීන්ගේ සේවාව යටතේ, රාජ්‍ය මුද්‍රාව සහිත නියම ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ඖෂධ අඩුමිලකට මිලදී ගැනීමට ජනතාවට හැකියාව ලැබෙන අතර, ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්, ගර්භනී මවුවරුන් සහ වයස අවුරුදු 05 ට අඩු දරුවන් සදහා 5% ක සුවිශේෂි වට්ටමක් සහිතව ඖෂධ නිකුත් කිරීම ද විශේෂත්වයකි.

    1971 වර්ෂයේ දී මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමා විසින් රාජ්‍ය ඖෂධ සංස්ථාව ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කරන ලද අතර, රාජ්‍ය ඖෂධ සංස්ථාව පසුගිය වසර 53 කාලය තුළ දීප ව්‍යාප්තව ඔසුසල් ජාලයක් පිහිටුවා ඇත.

    මෙම අවස්ථාවට එක්වෙන් සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ .....

    ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ගැන කථා කරන විට මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ නම ඉතා ඉහළින් කියවෙන බවයි. රාජ්‍ය ඖෂධ සංස්ථාව ජනතාව වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කරන බවත්, සාධරණ සහන මිලකට, ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ ලබාගැනීමට මෙම ඔසුසල මගින් හැකියාව ලැබෙන බවයි.

    දිවයින පුරා පිහිටුවා ඇති ඔසුසල ජාලය මගින් ජනතාවට විශාල සහනයක් සළසන බවත්,  ගාල්ල ඔසුසල ජාලය ආරම්භය සදහා රිචර්ඩ් පතිරණ අමාත්‍යතුමා මුලිකත්වය ගෙන කටයුතු කළ බව පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා ගාල්ල දිස්ත්‍රික්කයේ ඔසුසල් ජාලය ව්‍යාප්ත කිරීමට කඩිනම් වැඩපිළි‌‌ෙවළක් දියත් කෙරෙන බවද ගාල්ල රත්ගම, ඇල්පිටිය, අහංගම ප්‍රදේශවල ද ඔසුසල ශාඛා පිහිටුවීමට අවශ්‍ය පියවර ගන්නා බව ද පැවැසීය. බද්දේගම නගරයේ ස්ථාපිත කරන ලදදේ ඔසුසල ජාලයේ 57 වන ඔසුසල ශාඛාව බවත්, මීලග ශාඛාව මොණරාගල බිබිල ප්‍රදේශයේ මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ උපන් ගම කේන්ද්‍රකර ගෙන පිහිටුවීමට කටයුතු කරන බව ද පැවසීය.

    මෙරට ජනතාවගේ ජීවත්වීමේ ආයු කාලය වැඩිවීම හේතු‌ව මත මෙරට රෝගී තත්ත්වයන්වල ඉහළයාමක් පෙන්නුම් කරන බවද පැවසීය. එය ලෝක ස්වරූපයක් වන බවද පෙන්වා දෙන ලදි. කරාපිටිය රෝහල ඇතුලු ප්‍රදේශයේ රෝහල් සංවර්ධනය සදහා මුල්‍ය ප්‍රතිපාදන සහ ඉහළ වටිනාකමකින් යුතු ‌ෛවද්‍ය උපකරණ රැසක් ලබා දී ඇති බවත්, නව ළමා රෝග ඒකකය ස්ථාපිත කිරිමට 2025 වසරේදී මුදල් ‌ෙවන් කරන බවද වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස්, කළමණාකාර අධ්‍යක්ෂ මෙවන් සම්පත් සුබසිංහආරච්චි, සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක, ඇතුලු රාජ්‍ය ඖෂධ සංස්ථා‌ව් නිලධාරීන්  මහත්වරු ඇතුලු ප්‍රදේශවාසි ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya