ජූලි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති කඳාන සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේ සංවර්ධන කටයුතු සොයා බලයි

    ජූනි 30, 2024

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) පස්වරුවේ කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය වෙත පැමිණ එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීය.

    කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය කොළඹ අගරදගුරු පදවියේ වැඩිම කතෝලික ජනතාවක් පැමිණෙන සිද්ධස්ථානයක් වන අතර එහි වාර්ෂික මංගල්‍යයට දිවයින පුරා ලක්ෂයකට අධික සැදැහැවත් ජනතාව එක් වෙති.

    පල්ලිය හා අවට පරිශ්‍රය තුළ එක් රැස් වන ජලය වෙල දක්වා ගෙන යාම සඳහා කාණු පද්ධතියක් ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස දීර්ඝකාලීන ඉල්ලීමක් ඉදිරිපත් කර තිබූ අතර ඒ සඳහා රුපියල් මිලියන 06ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබේ.

    එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම වෙනුවෙන් පළමු අදියර යටතේ රුපියල් මිලියන 02ක් ලබාදීමට අදාළ චෙක්පත මෙහිදී ජනාධිපතිවරයා විසින් ප්‍රධාන පූජකතුමා වන ලලිත් එක්ස්පෙඩිටස් පියතුමා වෙත භාර දුන්නේය.

    එමෙන්ම මීගමුව මාර්ගයේ සිට සිද්ධස්ථානය දක්වා පැමිණෙන මාර්ගය ඉතා අබලන්ව තිබෙන අතර එය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස සිදු කළ ඉල්ලීමට අනුව එම අවස්ථාවේම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාව දුරකථනයෙන් සම්බන්ධ කරගත් ජනාධිපතිවරයා අදාළ මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස දැනුම් දුන්නේය.

    එසේම මීගමුව කලාපයේ කතෝලික පාසල්වල අධ්‍යාපන කටයුතු පිළිබඳව ද මෙහිදී පියතුමන්ලා සමඟ සාකච්ඡා කළ ජනාධිපතිවරයා කතෝලික පාසල්වල මතුව ඇති ගැටළුවලට කඩිනම් විසදුම් ලබාදීමට රජයේ අවධානය යොමුව ඇති බව සඳහන් කළේය.

    මේ අතර සති අන්තයේ සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානය වෙත පැමිණ සිටි කතෝලික ජනතාව අතරට ද ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කතා බහක නිරත විය.

    කතෝලික පාසල් හිටපු සාමාන්‍යාධිකාරී අයිවන් පෙරේරා පියතුමා ඇතුළු පියතුමන්ලා සහ හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya