ජූනි 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් විදුලි සන්නිවේදනයේ සත සංවස්තරය නිමිත්තෙන් ගුවන් විදුලි සමීක්ෂා වාර්තාව එළි දැක්වේ

    ජූනි 27, 2024

    සැබෑ මාධ්‍යයේ කාර්යභාරය වන්නේ ඉල්ලුමට සීමා නොවෙමින් රටේ අනාගත පරපුර වෙනුවෙන් යුතුකම් ඉටුකිරීම බව කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ අංශාධිපති ජේෂ්ඨ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා මහතා පවසයි .

    එතුමා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේ පැවති ගුවන්විදුලි සන්නිවේදනයේ ශත සංවත්සරය නිමිති කර ගනිමින් කැළණිය විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශය සිදුකළ ගුවන් විදුලි සමීක්ෂණ වාර්තාව පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමිනි . ගුවන් විදුලිය යනු අනාගත විද්‍යාඥයින්ට විශ්ව විද්‍යාලයකි. විද්‍යාර්ථීන්ට මෙන්ම ගුවන් විදුලිය පිළිබඳ ගවේෂකයින්ට ගවේෂණයේදී පහසුවීම සඳහා ගුවන්විදුලි වංශ කතාව ලේඛන ගත කිරීම ඉතා වැදගත් වේ . ඒ සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය වශයෙන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කිරීමට බලාපොරොත්තු වන බවද කෝපරහේවා මහතා සඳහන් කළේය . ගුවන් විදුලියේ අතීතය සංරක්ෂණය කරමින් ඩ්ජිටල් කරණයට එක් කර අනාගත පරපුරට එහි දැනුම ලබාදිය යුතුය . ගුවන් විදුලි සන්නිවේදනයට වසරක් සපිරෙන මොහොතේ ඒ සඳහා මුල පිරීම වැදගත් වන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය .

    මෙම ගුවන්විදුලි සමීක්ෂා පර්යේෂණ වාර්තාව සැකසීමෙහිලා ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කළ කැලණිය විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ සමන් රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට එක්වෙමින් සඳහන් කළේ පුරවැසියන් සහ විශ්ව විද්‍යාල ප්‍රජාව ලෙස ගුවන් විදුලිය ශ්‍රාවකයා අතර ඔසවා තැබීමට කටයුතු කළ යුතු බවයි . ජන මාධ්‍ය විශ්ව විද්‍යාලවලින් පෝෂණය විය යුතු අතර , විශ්ව විද්‍යාල ජන මාධ්‍යයෙන් පෝෂණය විය යුතුය . මෙම සමීක්ෂණ වාර්තා හරහා ඉදිරිපත් වන කරුණු රටේ ප්‍රතිපත්ති සම්පාදකයින් සහ විද්වතුන් අවධානයට ගත යුතුය . මෙම සමීක්ෂණ වාර්තාව සඳහා දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක 18 ක් තෝරාගෙන ඒවායේ ග්‍රාම සේවා වසම්වල ගෘහ ඒකක 1000 දහසක් නියැදියක් වශයෙන් තෝරාගෙන මෙම සමීක්ෂණය සිදු කළේය. මේ සඳහා කලණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය ,භූගෝල විද්‍යා අධ්‍යන අංශය සහ සංඛ්‍යාන විද්‍යා අධ්‍යනාංශය විශාල සහයෝගයක් ලබාදී තිබේ. මෙම ගෘහ ඒකක දහස තුළ ගුවන්විදුලිය ශ්‍රවණය කරන පිරිස 506 ක් ලෙස හඳුනාගෙන තිබේ . සියයට තිස් දෙකක් ආගමික වැඩසටහන් සඳහා නැඹුරුවක් ඇති බව පැහැදිලි වේ . ගුවන්විදුලි නිවේදකත්වයට තිබෙන අභිරුචිය වර්තමානය වන විට ඉතා පහළ තත්ත්වයකට පත්ව ඇත . එමෙන්ම නිශ්චිත අදහසක් නොමැතිව ගුවන් දෙන නාලිකා ශ්‍රවණය කරන පිරිසද වෙති .

    මෙම අවස්ථාවට එක්වෙමින් ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා සඳහන් කළේ ලෝකයේ තරගකාරී ලෙස ව්‍යාප්ත වන DRM තාක්ෂණය සියවසක් සපිරෙන මේ අවස්ථාවේ ගුවන් විදුලි විකාශනයට එක් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි . මේ වන විට ඒ සඳහා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පර්යේෂණ වැඩපිළිවෙල ආරම්භ කර ඇති අතර එය කඩිනමින් ගුවන් විදුලි විකාශනයට එක් කරගැනීමට බලාපොරොත්තු වෙයි. එතුළින් ඉන්දියාව මැද පෙරදිග ආදී රටවල ගුවන් විදුලි ඉතා හොඳින් ජනප්‍රිය කළ හැකි අතර , ගුවන් විලියේ ආර්ථිකයද ශක්තිමත් කරගනිමින් ආයතනයේ අභිවෘද්ධියද සලසා ගැනීමට එය මහත් පිටුවහලක් වන බව සමරසිංහ මහතා සඳහන් කළේය .

    මෙම අවස්ථාවේදී ගුවන් විදුලි සමීක්ෂා වාර්තාව ජේෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතා අතින් කැලණි විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියට සිදුකළ අතර , එම සමීක්ෂණ වාර්තාව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය අතින් සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාට පිළිගැන්වීම සිදුකෙරිණි .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya