ජූනි 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    " දීප දස්සනා " පුණ්‍ය වැඩසටහන හෙට ‌පොළොන්නරුව කිරිවෙහෙර අභියසදී

    ජූනි 27, 2024

    දීප ව්‍යාප්ත පන්සිල් සුරැකීමේ පදනම 38 වැනි වරටත් සංවිධානය කරනු ලබන " දීප දස්සනා " පුණ්‍ය වැඩසටහන ජුනි මස 28 වැනි දින  ‌පොළොන්නරුව කිරිවෙහෙර පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරිසුමන දඩලු විහාර පාර්ශවයේ අනුනායක මහෝපාධ්‍ය ත්‍රිපිටක විශාරද කථලුවේ රතනසීහ ස්වාමීන්වහන්සේ පැවසූහ.

    උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට වැඩමවූ අවස්ථාවේදීය.
    ඇඹිලිපිටිය, තණමල්විල බිබිල හරහා පෙළොන්නරුව දක්වා 27 වැනි දින අලුයම සධාතුක කරඬුව වඩමවන පාරමී පෙරහැරෙන් ආරම්භ කෙරෙන මෙම වැඩසටහන 28 වැනි දින දවස පුරා පැවැත්වෙන බවත් ඒ සඳහා 2000 පමණ පිරිසක් සහභාගී වන බවත් දීප ව්‍යාප්ත පන්සිල් සුරැකීමේ ව්‍යාපාරයේ නිර්මාතෘ ටී.ජී.සමරසේන ඩයස් මහතා මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.
    සහභාගී වන පිරිස සඳහා සියලුම පහසුකම් සපයා දෙන බවත් මේ සඳහා හැකි සියලු දෙනාට සහභාගී වනලෙසත් ඒ මහතා ආරාධනා කළේය.
    එදින අලුයම සීල සමාදාන වැඩසටහන ආරම්භ කෙරෙන බවත් ඉන් අනතුරුව දවස පුරා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් විවිධ වැඩසටහන් පැවැත්වෙන අතර සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවෙන් සහ පසුදා සිල් පවාරණයෙන් වැඩසටහන නිමා කෙරෙන බවත් මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වූ එම පදනමේ උප සභාපති විශ්‍රාමික ඉංජිනේරු ආධ්‍යාත්මික උපදේශිකා ලලිතා ආර්යානි කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya