සැප්තැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලුම වැටුප් විෂමතා ඉවත් කර වැටුප් වර්ධක , දීමනා සහ ඒවාට විසඳුම් 2025 අයවැයෙන්

    ජූනි 25, 2024

    සියලුම වැටුප් විෂමතා ඉවත් කර එම වැටුප් වර්ධක සහ අනෙකුත් දීමනා මෙන්ම ඒවාට විසඳුම් ලබාදීමට 2025 වසරේ අයවැය ලේඛනයට ඉදිරිපත් කිරීම සදහා ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් යුතු විශේෂඥ කමිටුවක් පත්කර ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

    කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    ඇතැම් වැටුප් වැඩිවීම් සහ වැටුප් විෂමතා වැනි දේවල් සම්බන්ධයෙන් මෙම අයවැය තුළ විසඳුමක් නොමැති බව සිහිපත් කළ කැබිනට් ප්‍රකාශකවරයා එමනිසා ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් මෙම විශේෂඥ කමිටුව පත්කළ බවද අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya