එමඟින්,පිරිවෙන් අශ්‍රිත ගුරුවරුන්ට හා පැවිදි/ගිහි ශිෂ්‍යයන්ට ශ්‍රි ලාංකික ජාතික බෞද්ධ උරුමය ගවේශණය හා විශ්ලේෂණයට ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගැනීමට හැකි වනු ඇත.
ඒ අනුව එක් පිරිවෙනක් සදහා අවම වශයෙන් පරිගණක දෙකක්, ස්මාර්ට් පුවරුවක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ලබා දීමට හැකි වන පරිදි යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා සහ අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.