සැප්තැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් මිලියන 05 ක පමණ දළ වීථි වටිනාකමින් යුත් හෙරොයින් සමඟ සැකකරුවන් 03 ක් වත්තලදී නීතියේ රැහැනට

    ජූනි 25, 2024

    ශ්‍රී ලංකා නාවික හමුදාවපොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව ඊයේ(24)  වත්තල ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදීඅලෙවි කිරීමට සූදානම් කර තිබූ හෙරොයින් ග්‍රෑම් දෙසීයක (0.200) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) හා  සැකකාරියක් (01) සහ ත්‍රීරෝද රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.      

    ඒ අනුවබටහිර නාවික විධානය සහ වයඹ නාවික විධානය,  කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව අද දින (2024 ජුනි 24) වත්තල ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදීඑම ප්‍රදේශයේ තිබූ සැකකටයුතු ත්‍රීරෝද රථයක් නිරීක්‍ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී අලෙවි කිරීම සඳහා සූදනම් කර එම ත්‍රීරෝද රථයේ සූක්‍ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් දෙසීයක (0.200) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) හා  සැකකාරියක් (01)   සහ එම  ත්‍රීරෝද රථය (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.        

    මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන පහක් (05) පමණ වෙතැයි විශ්වාස කෙරේ.             

    තවද,අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරිය වයස අවුරුදු 26 ත් 48 ත් අතර වයසේ පසුවන මීගමුව සහ කොළඹ ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනාගත් අතරඑම සැකකරුවන් තිදෙනා (03)හෙරොයින් ග්‍රෑම් දෙසීයක (0.200) පමණ ප්‍රමාණය සමඟ ත්‍රීරෝද රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya